Programmes

Be Smart School



1. Phoenix Programme (අධ්‍යාපන අභිප්‍රේරණ වැඩසහන)

සිසු සිසුවියන් බොහෝවිට මුහුණ දෙන ගැටළුවක් වනුයේ අධ්‍යාපනය සඳහා ඇති කැමැත්ත සහ උනන්දුව ක්ෂය වී යාමයි. පසුගිය වසරවල රටේ පැවැති අවාසනාවන්ත තත්ත්වයන් හමුවේ අපගේ සිසු පරපුරට සිය පාසල් ජීවිතයේ වටිනාම කාලයක් අහිමි විය. එසේම විවිධ සාමාජීය හේතූන් මත ඔවුන් මුහුණ දුන් පීඩනය හේතුවෙන් මානසික රෝගී තත්ත්වයන්ට පවා ඇතැමෙකු ලක් වූයේ ය. මෙවන් තත්ත්වයක් තුළ නව ජීවන හා අධ්‍යාපන රටාවන්ට අනුවර්තනය වීම පහසු නොවේ. එබැවින්, අළු මතින් යළි ජීවය ලබන ෆීනික්ස් පක්ෂයෙකු මෙන් අභියෝග හමුවේ නැඟී සිටිමින් සිය අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය මානසික පෙළඹවීමක් ඇති කිරීමට සහ සිය මානසික ශක්තීන් අවදි කර ගැනීමට මාර්ගෝපදේශයන් මෙම වැඩසටහන තුළින් ලබා දෙයි.

මෙම වැඩසටහනේ දී,

  • ඉගෙනීමේ වැදගත්කම
  • අනාගත වැඩ ලෝකයට සූදානම් වීම
  • සාර්ථකත්වයේ හරය
  • ස්වයං අභිප්‍රේරණය ඇති කර ගැනීම යනාදී

මාතෘකාවන් ඔස්සේ ක්‍රියාකාරකම් සහිතව මෙම වැඩසටහන සිදු කරනු ලබයි.

3 වසරේ සිට 13 වසර දක්වා සිසු සිසුවියන් සඳහා මෙම වැඩසහන විවෘත වේ.

වැඩසටහන් කාලය පැය 2 කි.

2. Be Smart Programme (ඉගෙනුම් සහ මතක වර්ධක ක්‍රම පිළිබඳ වැඩසටහනකි)

ඉගෙනීම යනු උගත් චර්යාවකි. සිසු සිසුවියන් දැඩි මානසික පීඩනයන්ට ලක් වනුයේ නිවැරදි ඉගෙනුම් ක්‍රම නොදක්වා හේතුවෙනි. එසේම ඉගෙනීම සඳහා දෛනික දින චර්යාව, කායික, මානසික, ආධ්‍යාත්මික, චිත්තවේගීය සහ සමාජීය යහපැවැත්මේ ඇති වැදගත්කම පිළිබඳ අවබෝධයක් නොමැත. මේ හේතුවෙන් සිසු සිසුවියන්ට ඉගෙනීම යනු පීඩාකාරී අභියෝගයකි. Be Smart වැඩසටහනෙන් විද්‍යාත්මක ඉගෙනුම් ක්‍රම සහ ඒ හා සම්බන්ධ දිවි පැවැත්ම පිළිබඳ අවබෝධයක් ලබා දීම සිදු වේ.

මෙම වැඩසටහනේ දී,

  • Limitless ඉගෙනුම
  • කාල කළමණාකරණය
  • ඉගෙනුම් ඉලක්ක
  • Smart ඉගෙනුම් ක්‍රම
  • ඵලදායී දින චර්යාව
  • මොළය පුහුණු කිරීම
  • අවධානය සහ මතක වර්ධනය යනාදී

මාතෘකාවන් ඔස්සේ ක්‍රියාකාරකම් සහිතව මෙම වැඩසටහන සිදු කරනු ලබයි.

3 වසරේ සිට 13 වසර දක්වා සිසු සිසුවියන් සඳහා Be Smart වැඩසහන විවෘත වේ.

වැඩසටහන් කාලය පැය 2 සිට පැය 6 දක්වා අවශ්‍ය පරිදි සැලසුම් කළ හැකිය.

3. Eagle Programme (පුද්ගල සංවර්ධන පිළිබඳ වැඩසටහන)

නව තොරතුරු තාක්ෂණ යුගයෙහි ඉලක්ක හඹා යමින් සාර්ථකත්වය සොයා යන ලෝකකයක ඉදිරියට යාමට තමන්ව සූදානම් කර ගන්නේ කෙසේ ද? තම ජීවිතයේ ඉලක්ක හඳුනාගනිමින් එම ඉලක්ක ජය ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීම සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමට අදාළ පුද්ගල සංවර්ධනයේ පියවරයන් ඇතුළත් වැඩසටහනකි. මෙහිදී සිසු සිසුවියන් සිය ජීවිත දෙස වඩාත් විචාරශීලීව බලමින් සිට අනාගත ඉලක්කයන් ගොඩනගා ගනී. පුද්ගලයෙකු ලෙස සමාජයේ ඉදිරියට යාමට අවශ්‍ය දැනුම, කුසලතා සහ ආකල්පයන් ගොඩනගා ගන්නා ආකාරය පිළිබඳ ප්‍රායෝගික අභ්‍යාස ඔස්සේ අවබෝධය ලබයි.

මෙම වැඩසටහනේ දී,

  • ආත්ම විශ්වාසය වර්ධනය
  • සිය ශක්තීන්, දුර්වලතා, අභියෝගයන් සහ අවස්ථාවන් හඳුනා ගැනීම
  • මානව අගනාකම් පිළිඳ අවබෝධය
  • ඉලක්ක ගොඩනඟා ගැනීම
  • සැලසුම් සකස් කිරීම
  • සිය කුසලතාවන් වර්ධනය
  • ස්වයං ඇගයුම් ක්‍රම භාවිතය යනාදී

මාතෘකාවන් ඔස්සේ ක්‍රියාකාරකම් සහිතව මෙම වැඩසටහන සිදු කරනු ලබයි.

6 වසරේ සිට 13 වසර දක්වා සිසු සිසුවියන් සඳහා ෆීනික්ස් වැඩසහන විවෘත වේ.

වැඩසටහන් කාලය පැය 4 සිට පැය 6 දක්වා අවශ්‍ය පරිදි සැලසුම් කළ හැකිය.

4. Be Future Ready (නායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන)

නායකත්වය සෑම පුද්ගලයෙක් තුළම වර්ධනය විය යුතු කුසලතාවයකි. 21 වන සියවසට අවශ්‍ය නායකත්ව කුසලතාවන් සහ අනාගතයට සූදානම් නායකත්ව රාටාවන් ඉලක්ක කර ගනිමින් නව න්‍යායාත්මක සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළත්ව මෙම නායකත්ව වැඩසටහන නිර්මාණය කර ඇත.

මෙම වැඩසටහනේ දී,

  • 21වන සියවසේ නායකත්ව ලක්ෂණ හඳුනා ගැනීම
  • සංවේදනය සහ සහකම්පනය
  • ඵලදායී සන්නිවේදනය
  • තීරණ ගැනීම
  • කණ්ඩායම් ක්‍රියාකාරීත්වය
  • සහයෝගී නායකත්වය
  • සමාජ ජාලකරණය
  • තරුණ ස්වේච්ඡාදායකත්වය යනාදී

මාතෘකාවන් ඔස්සේ ක්‍රියාකාරකම් සහිතව මෙම වැඩසටහන සිදු කරනු ලබයි.

6 වසරේ සිට 13 වසර දක්වා සිසු සිසුවියන් සඳහා මෙම වැඩසහන විවෘත වේ.

වැඩසටහන් කාලය පැය 4 සිට පැය 6 දක්වා ද එක්දින හෝ දෙදින වැඩසටහනක් වශයෙන් ද  අවශ්‍ය පරිදි සැලසුම් කළ හැකිය.

5. Stay Safe Online (අන්තර්ජාලය ආශ්‍රිත හිංසනයන් පිළිබඳ දැනුවත් කෙරෙන වැඩසටහනකි)

පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සහ සමාජමාධ්‍ය භාවිතය සීඝ්‍රයෙන් ඉහළ ගිය අතර 2021 වන විට සමාජ මාධ්‍ය භාවිතය මිලියන 1.5කින් ඉහළ යන ලදී. ඒහා සමඟම සයිබර් හිංසනයන්, අතරවරයන් සහ දරුණු අපරාධයන්ය වර්ධනය විය. අන්තර්ජාලය නිසි පරිදි භාවිත කිරීම පිළිබඳ නොදන්නා හේතුවෙන් පාසල් සිසු සිසුවියන් බොහෝ දෙනෙක් සයිබර් අපරාධයන්හි වින්දිතයින් බවට මෙන්ම අපයෝජකයින් බවට පත් විය. මේ හේතුවෙන් පසුගිය කාලය පුරා සරසවි මිතුරෝ විසින් සයිබර් හිංසනයන් පිළිබඳ පාසල් සහ විශ්වවිද්‍යාල සිසු සිසුවියන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පවත්වාගෙන එන ලදී.

මෙම වැඩසටහනේ,

  • සයිබර් අපරාධ/හිංසන යනු මොනවාද?
  • සයිබර් අපරාධය/හිංසනයන්ගේ ස්වභාවයන්
  • තරුණ තරුණියන් සයිබර් හිංසනයන්ට ලක් වීමට හේතු
  • සයිබර් හිංසනයන්ගෙන් ආරක්ෂා වන්නේ කෙසේද?
  • අන්තර්ජාල ඇබ්බැහිය සහ ඉන් මිදීම යනාදී

මාතෘකාවන් ඔස්සේ ක්‍රියාකාරකම් සහිතව මෙම වැඩසටහන සිදු කරනු ලබයි.

6 වසරේ සිට 13 වසර දක්වා සිසු සිසුවියන් සඳහා මෙම වැඩසටහන විවෘත වේ.

වැඩසටහන් කාලය පැය 2 සිට පැය 4 දක්වා අවශ්‍ය පරිදි සැලසුම් කළ හැකිය.  

6. Love me වැඩසටහන

නව යොවුනවියේ තරුණ තරුණියන් මුහුණ දෙන විවිධ ගැටළු පිළිබඳ මෙම වැඩසටහනේ දී සාකච්ඡා කරනු ලබයි. පවුල, ප්‍රේම සම්බන්ධතා, සම මිතුරු කණ්ඩායම්, පාසල, උපකාරක පන්ති, ජනමාධ්‍ය සහ සමාජමාධ්‍ය හේතුවෙන් නව යෞවන යෞවනියන්ට ඇති වන ගැටළු බොහෝවන අතර එම ගැටළු සමහර අවස්ථාවන්හිදී සියදිවි තොර කර ගැනීමෙන් අවසන් වේ. තම ජීවිතයට ආදරය කරමින් සමාජයට වැඩදායී පුද්ගලයෙකු ලෙස සාර්ථක ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශයන් ලබා දීම සහ අවශ්‍යතා සහිත අයට සහයෝගය ලබා දීමත් මෙම වැඩසටහනේ අරමුණු වේ.

 

7 වසරේ සිට 13 වසර දක්වා සිසු සිසුවියන් සඳහා මෙම වැඩසටහන විවෘත වේ.

වැඩසටහන් කාලය පැය 2 සිට පැය 4 දක්වා අවශ්‍ය පරිදි සැලසුම් කළ හැකිය.

 

ආයෝජනය

සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර සම්පත්දායක හා ගමනාගමන වියදම පමණක් අන්තර්ගත කර ඇත.

අනුග්‍රාහාක දායකත්වයන් ලැබෙන ආකාරය අනුව අදාළ මුද්‍රිත සටහන් ලබා දීමට සිදු වන අතර එසේ නොහැකි වන්නේ නම් මාර්ගගතව ලබා දෙයි.

වැඩසටහන් සඳහා අවශ්‍ය ඉගෙනුම් උපකරණ සහ අනෙකුත් ලිපිද්‍රව්‍යයන් පාසල විසින් සැපයිය යුතු වේ.

 

වැඩසටහන

පැය 2 (රු.)

පැය 3 (රු.)

පැය 4 (රු.)

පැය 5 (රු.)

පැය 6 (රු.)

එක් දින පැය 6ට වැඩි

 

Phoenix Programme

6000

        10,000

12,000

15,000

20,000

25,000

+ ගමන් වියදම

Be Smart Programme

6000

 10,000

12,000

15,000

   20,000

--

+ ගමන් වියදම

Eagle Programme

6000

10,000

12,000

15,000

20,000

25,000

+ ගමන් වියදම

Be Future Ready

--

--

12,000

15,000

20,000

25,000

+ ගමන් වියදම

Stay Safe Online

6000

10,000

12,000

--

--

--

+ ගමන් වියදම

Love me

6000

10,000

12,000

15,000

--

--

+ ගමන් වියදම