පාඩම් කරන්න පොත ගත්තම එපා වෙනවා

ප්‍රශ්නය? පාඩම් කරන්න පොත ගත්තහම ගොඩාක් පාඩම් කරන්න තියෙනවා කියලා දැනෙනවා. එතකොට එපා වෙනවා. මොකද කරන්නේ?

👉 මේකට හේතුව තමයි පාඩම් කරන්න නිසි ඉලක්ක ගත සැලසුමක් නැතිකම.

👉 බොහෝ දෙනා පාඩම් කරන්න කාලසටහනක් කොයිතරම් කිව්වත් හදා ගන්නේ නැහැ. කාලසටහන හදන අය විෂයේ නම විතරක් ලියනවා. හරියට පන්තියේ ගහලා තියෙන කාලසටහනේ වගේ.

👉 පාඩම් කරන කාලසටහන පන්තියේ කාල සටහනට සමාන නැහැ. දිනපතා අලුතින් කාල සටහන ලියන්න ඕනි. මේක ජීවිතේ ජය ගන්න, සාර්ථකත්වය කරා යන පුද්ගලයින් ගාව තියෙන හොඳ පුරුද්දක්. කම්මැලියන්ට මේ ගමන යන්න බැහැ. 

👉 කාලසටහනක් දිනපතා ලියා ගන්න යන්නේ පැය බාගයකටත් අඩු කාලයක්. ජීවිතේ වටිනාම පැය බාගයට කම්මැලි වෙනවා නම් ඔබ අනාගතයේ දී මේ මහ පොළවට බරක්.

👉ඉතින් පාඩම් කරන්න කාල සටහනක් හදා ගන්න. කාලසටහනක් හදන විදිහ ගැන මම කලිනුත් කියලා දීලා තියෙනවා.

👉 කාලසටහනේ පාඩම් කරන කාලයට විෂයේ නම විතරක් ලියන්න එපා. විෂය සහ එදා දවසේ පාඩම් කරන අනු මාතෘකාව සහ පිටු ගණනත් ලියන්න. එතකොට ඒදා දවසේ පාඩම් කරන්න තියෙන ඉලක්කය නැතිනම් නිශ්චිත කොටස හරිම පැහැදිලි. පාඩම් කරන්න දිනපතා නිශ්චිත ඉලක්ක තිබිය යුතුයි.

👉 මේක කොයි තරම් සරලද? මෙවැනි සරල කාරණා නොදන්නා නිසා පාඩම් කරන එක බොහෝ දෙනෙක්ට එපා වෙනවා.

👉 මතක තියා ගන්න. අනිවාර්යයෙන්ම දිනපාතා පැයක්වත් පාඩම් කරන්න යොදා ගත යුතුමයි. එතකොටයි පාඩම් කිරීමේ පුරුද්ද ඇති වෙන්නේ.

👉 ඔබට තිබෙන ප්‍රශ්න මා වෙත එවන්න. ඉඩ ලැබෙන හැම වෙලාවෙම පිළිතුරු එවන්නම්.


ප්‍රාර්ථනා ද මෙල්

Youth Coach

සහකාර අධ්‍යක්ෂිකා (පර්යේෂණ සහ පුහුණු)

සරසවි මිතුරෝ