ජීවිතය සහ ඇබ්බැහිවීම්

 ඔබ ඇබ්බැහි වෙලාද?



ජීවිතය ප්‍රශ්න පත්‍රයක් යැයි සමහරු කියනවා. තවත් අය ජීවිතය ගලා යන ගඟක් යැයි කියනවා. තවත් අයට අනුව ජීවිතය දිග ගමනක්. බොහෝ දෙනෙක් ජීවිතය මේ යැයි හඳුනා ගන්න උත්සාහ කරනවා. කොහොම වුණත් ඒ හැම කතාවකම ජීවිතය ගැන අපූරු හැඳින්වීම් ගොන්නක් තියෙනවා. ඒවා එකක්වත් සම්පූර්ණයෙන් වැරදියි කියලා අහක දාන්න බැහැ. හැබැයි අපි හැමෝටම ජීවිතය ගැන අපේම හැඳින්වීමක් තියෙනවා. සමහරවිට ඒක වචනයෙන් කියන්න අපහසුයි. 

කොහොම වුණත් ප්‍රශ්න කියන්නේ අපේ ජීවිතවල නොවැළැක්විය හැකි කොටසක්. ඒ ප්‍රශ්නවලින් බොහෝමයක් හිතෙන් හදාගත්තු ප්‍රශ්න. අරයා මට මෙහෙම කියයි. එයා මං ගැන මෙහෙම හිතනවා ඇති. මට මෙහෙමෙ වෙයි. මේ විදිහට තමන් නොදන්නා දේවල් ගැන විශේෂයෙන්ම අනාගතේ දී වෙයි කියලා හිතන දේවල් නිසා හිතින් මෙන්ම මනසින්ද වේදනාවට පීඩාවට පත් වෙනවා. බොහෝ දෙනෙක්ට මේක පුරුද්දක්. ඇත්තනේම අනවශ්‍ය ප්‍රශ්න මවාගෙන හිතෙන් විඳවන්න මිනිස්සු ඇබ්බැහි වෙලා. 

පාසල් යන ඔබත් වැඩියෙන්ම දුක් වෙන්නේ වද වෙන්නේ වෙච්ච දේවල් වලට වඩා වෙයි කියලා හිතන දේවල් නිසා නේද? ඒ නිසා ප්‍රශ්න ගොඩක හිරවෙලා වගේ දැනෙනවා. ඔන්න ඉතින් ඒ හිතන විදිහට ඇබ්බැහි වෙලා දිගටම හිත හිත හිටියම ආතතිය, මානසික අවපීඩනය සහ විෂාදය වගේ මානසික රෝගවලට ලක් වෙනවා. අනියත බිය, සංකාව සහ දුක අපේ මොළයේ ක්‍රියාකාරීත්වය අඩපණ කරනවා. වැඩක් කරන්න හිත දෙන්නේ නෑ. ඒ කියන්නේ වඩ කරන්න අවශ්‍ය අභිප්‍රේරණය නැති කරලා දානවා.

ඔන්න ඔහොම වෙන කොට ඒ පීඩාකාරී හැඟීම්වලින් මිදෙන්න අපි ආශ්වාදජනක දේවල් කරන්න හොයනවා. සමහරු මත්පැන් හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙනවා. අද වෙනකොට බොහෝ දෙනෙක් චර්යාත්මක ඇබ්බැහිවීම්වලට ගොදුරු වෙලා. දිගින් දිගටම නාට්‍ය, චිත්‍රපට බලන්න, ගේම් ගහන්න, සමාජමාධ්‍යවල ඉන්න, අර්ථවත් නොව දේ කියවන්න, නිදාගන්න ආදී විවිධ චර්යාවන්ට ඇබ්බැහි වෙනවා. මේ චර්යාවන් මුලින් පටන් ගන්න කොට යම් වෙලාවකදී නවත්තන්න පුඵවන්. නමුත් ඇබ්බැහි වෙනවා කියන්නේ තමන්ට අවහ්‍ය වුණත් නවත්තන්න බැහැ. නිතරම හිත කියනවා ඒ දේ කරන්න කියලා. දවසෙන් බාගයක්ම ඒ චර්යාව වෙනුවෙන් වැඩ කරලා. රෑ නිදි මරාගෙන ෆොන් එකේ ඉන්නවා. නින්දයනනේ නැති එක රෝගයක් බවට පත් වෙනවා. දැන් කෑම බීමත් හරියට ගන්නේ නෑ.එක්කෝ වැඩියෙන් කනවා. නැත්නම් අඩුවෙන් කනවා. කායික පිරිසිඳුකම ගැන හිතන්නේ නැහැ. දෛනික වැඩ කටයුතු කරන්නේ නැහැ. පාඩම් කරන්න හිත දෙන්නේම නැහැ. ඔන්න දැන්නම් ඇත්තම ප්‍රශ්න වැලක් නිර්මාණය වෙලා. ලෙඩෙක් වෙලා. 

පසුගිය කොරෝනා කාලයේ පටන් පාසල් යන්න නොමැතිවීම, ශාරීරිකව ක්‍රියාකාරී නොවීම, පරිගණනක සහ දුරකතනවල වැඩි කාලයක් ගත කිරීම නිසා ඉහත සඳහන් කළ විදිහේ විවිධ ඇබ්බැහිවීම්වලට පාසල්ගො ළමුන් ගොදුරු වුණා. තාමත් එහෙමයි. මේ නිසා චර්යාත්මක ඇබ්බැහිවීමි යනු මොනවාද? ඒවායින් මිදෙන්නේ කොහොම ද? කියලා අනිවාර්යයෙන්ම හැම කෙනෙක්ම ඉගෙන ගන්න අවශ්‍යයි.

සටහන
ප්‍රාර්ථනා ද මෙල්