පාඩම් කරන්න වෙලාව හොයාගන්න අමාරුයි. මොකද කරන්නේ?

 ප්‍රශ්නය - පාසලේ වැඩ සහ පන්ති නිසා ගෙදරදී පාඩම් කරන්න වේලාව සොයා ගන්න හරිම අමාරුයි. මහන්සියි. මොකද කරන්න ඕනි?


පිළිතුර -

අපි පාසලේදීත් පන්තියේ දීත් සිදු කිරීමට බලාපොරෝතතු වන්නේ ඉගෙනීම තමයි. ඒත් බොහෝ දෙනා පාසලේදී සහ අමතර පන්තිවලදී නිසි අවධානයෙන් ඉගෙන ගන්නේ නැහැ. නෝට් ලියා ගන්නවා ගෙදර ගිහින් බලනවා කියාලා. මේකට කියන්නේ බාලගිරි දෝෂය කියලා - අද නෑ හෙට. අනික විභාගෙටනේ පාඩම් කරන්න ඕනි ඉතින් විභාගේ ළං වෙලා පාඩම් කරනවා කියලා හිතනවා. මේක හරිම භයානකයි.ෙ

පනිතියේ දී නිසි අවධානයෙන් ඉගෙන ගත්තහම පාඩම හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඒතකොට ගොඩාක් අමාරුවෙන් පාඩම් කරන්න වුවමනා නැහැ. මොකද ඔයා දන්නවා පාඩම ගැන. ගෙදර ගිහින් කරන්නේ ඉක්මණින් පොත බලලා යළි මතක් කර ගැනීමක්. ප්‍රශ්නයකට පිළිතුරු ලියලා නැත්නම් ගණන් හදලා පුහුණු වීමක්‍ෙ

දවසේ පැය 6ක් පාසලේ පැය 2ක් අමතර පන්තිවල. ඒ්ත් නිසි අවධානයෙන් ඉගෙන ගන්නේ නැති නිසාත්, කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ඒදිනෙදා වැඩ ඉවර කරන්නේ නැති නිසා, දවසේ වටිනා පැය 8ක්  නිරපරාදේ නාස්ති කර ගන්නවා

ඊට පස්සේ පාඩම් කරන්න වෙලාව නෑ කියලා මැසිවිලි නගනවා. මේක බොහොම මෝඩ වැඩක් නේද? 

දවසේ පැය 8ක් විතර තවත් අයගේ සහායත් ඇතිව ඉගෙන ගන්න පාඩම් කරන්න තියෙන කාලයෙන් අපි උපරිම ප්‍රයෝජන ගත යුතුයි. ඒතකොට පාඩම් කරන ඒක අමාරු දෙයක් නෙමෙයි.

මතක තියා ගන්න කාලය බොහෝම වටිනවා. හැම තත්පරයක්ම නිර්මාණය කරන්නේ ඔයාගේ අනාගතය.


ප්‍රාර්ථනා ද මෙල්
Youth Coach
සහකාර අධ්‍යක්ෂිකා (පර්යේෂණ සහ පුහුණු)
සරසවි මිතුරෝ