පාඩම් කිරීම + පරිසරය

 පාඩම් කිරීම + පරිසරය



💜 පාඩම් කරන විට අවට පරිසරය ඉතා වැදගත්. එම නිසා ඔබ පාඩම් කිරීමට සූදානම් වන්නේ කිනම් පරිසරයක සිට ද යන්න ගැන හොඳින් සිතා බැලිය යුතුයි.

💙 ඉතා සරලව අපේ මොළව වෙනසට හරිම කැමතියි. වෙනස් පරිසරයන්හි සිට වැඩ කරන විට බොහෝ දේ ඉකා හොඳින් මතකයේ තැම්පත් වෙනවා.

💙 මේ නිසා සැමවිටම එකම තැනක සිට පාඩම් කරනවාට වඩා වෙනස් තැන්වල සිට වැඩ කිරීමෙන් ඔබට පාඩම් කිරීම වඩාත් ඵලදායී කර ගත හැකිය.

💙 එහෙත් ඔබ කුමන ස්ථානයේ සිටියත් එය ඔබගේ අවධානයට බාධා කරන බාහිර කරදරයන්ගෙන් තොර විය යුතුයි.

💙 ඔබ නිවසේ සිටිනවා නම් තමන් ඊළඟ පැය පාඩම් කරන නිසා කිසිවෙතුටත් තමන්ට කාත නොකරන ලෙස පවසා පාඩම් කරන්න යන්න. නැතිනම් නොදැනුවත් කර නිසා දෙමාපියන් වුණත් ඔබට කතා කරාවි. එවිට ඔබගේ අවධානය බිඳෙනවා. එහෙම වුණාම ඔබට හිතෙන්න පුළුවන් පවුලේ අය ඔබට සහයෝගය දෙන්නේ නැහැයි කියලා. නැහැ, ඔබ පවුලේ අයට කියා තිබෙනවා නම් ඔබ දැන් පාඩම් කරන බව කිසිවෙක් ඔබට බාධා කරන්නේ නැහැ.

💙 කාමරක් ඇතුළේ සිටම නිතර පාඩම් කරන් එපා. නිවස අවට ඔබට සුදුසු කරදර අඩු පරිසරයන් තෝරා ගන්න. කිසිවිටෙකත් සියයට සියයක්ම බාහිර කරදර නැති පරිසරයක් අපිට ලැබෙන්නේ නැහැ. ඒක නිසා කිසිම තැනක් මට ගැළපෙන්නේ නැහැයි කියලා අතාරින්න එපා.

💙 වෙනස් පරිසරයන්හි සිට විවිධ විෂයන් පාඩම් කරන විට ඒ විෂයේ කරුණු පැහැදිලිව වෙන් කොට ඔබට මතක තබා ගත හැකයි. මම කුඩා කළ පරිසරය පාඩම් කළේ නිවස පිටුපස එළියේ තැනක සිට. විද්‍යාවේ බොහෝ දේවල් පාඩම් කළේ පොල් ගසක් ළඟ සිට. අදටත් මතකයේ ඒ පරිසරය මෙන්ම පාඩම් ද මතකයි.

💙 අත්දැකීමෙන් පාඩම් කරන පරිසරයේ ඇති වැදගත්කම මම දන්නවා.

💙 හැබැයි මතක තබා ගන්න මිනිත්තු 20-30 ට වඩා එක දිගට පාඩම් කරන්න එපා. මිනිත්තු 5-10 ක විවේකයක් අනිවාර්යයෙන් ලබා ගන්න. සෑම පැය 2කටම වරක් පැය බාගයක හෝ මිනිත්තු 15 ක විවේකයක් ගන්න.

💙 මේ විවේකය පාඩම් කළ දේවල් මතකයට යාමට සහ මොළයේ නිදහස් ක්‍රියාකාරීත්වයට ඉතා වැදගත්.

💜 විවිධත්වයකින් යුතුව පාඩම් කරන්න.


ප්‍රාර්ථනා ද මෙල්
Youth Coach
සහකාර අධ්‍යක්ෂිකා (පර්යේෂණ සහ පුහුණු)
සරසවි මිතුරෝ