කාල කළමණාකරණයේ D 4

 කාල කළමණාකරණයේ D 4👍


🎯ලෝකයේ සාර්ථක මිනිසුන්ගේ රහස් අතර ප්‍රධාන තැනක් හිමිවනුයේ කාල කළමණාකරණයටයි. ජීවිතයේ ඉලක්ක ජය ගැනීමට නම් කාල කළමණාකරණයේ දක්ෂයෙක් වීම අනිවාර්යයි. කාල කළමණාකරණයේ දී ඔබ පුරුදු විය යුතු කරුණු 4 ක් මෙහි දැක්වේ. කියවන්න, පුරුදු කරන්න.


👉D1 – Do it now දැන්ම කරන්න

වැඩ කල් දැමීම බොහෝ දෙනෙකුට ඇති පුරුද්දක්. ඒ වගේම යමක් පටන් ගැනීමත් හරිම අමාරු වැඩක්. ඔබට කාලය ඔබට වුවමනා විදිහට භාවිතා කරන්න අවශ්‍ය නම් මේ මොහොතේම ක්‍රියාත්මක වන්න. පුංචි පියවරක් තබන්න. ඔබට අද දවසේ කාල සටහනක් නැත්නම් මේ ලිපිය කියවා ඉවර වුණු වහාම අද දවසේ කළ යුතු වැඩ ලියන්න. ඒ වැඩ කරන වේලාවන් ලියන්න. නැතිනම් ඔබ කල් දමමින් සිටින වැඩක් මේ දැන්ම ආරම්භ කරන්න. මේ දැන්ම කරන්න. එය ජීවිතේ පුරුද්දක් කර ගන්න.


👉D2 – Delay වෙලාවක් ඇති විට කරන්න

දවසේ කරන දේවල් අතර තිබෙනවා අද දවසේම කරන්න වුවමනා නැති ඒ තරම් වැදගත් නැති වැඩ. හරියට මූණු පොත බලන එක, , ඒ වගේම යාළුවොත් එක්ක පැය ගාණක් කතා කර කර ඉන්නවා වගේ දේවල්. තවත් අද දවසේ නොකළාට ප්‍රශ්නයක් නැති දේවල්. මේවා තෝරා බේරාගෙන වෙලාවක් ඇති විට කරන්න හරි හෙට දවසේ කරන්න සැලසුම් කරන්න හරි පුළුවන්. බොහෝ වේලාවට අත්‍යවශ්‍ය දේවල් වලට වඩා අපේ කාලය ගත වන්නේ අත්‍යවශ්‍ය නොවන වැඩ වලට.


👉D3 – Delegate වෙනත් කෙනෙකුට පවරා කරන වැඩ

සමහර වැඩ අපිට වෙනත් කෙනෙකුගේ සහයෝගයෙන් කරන්න පුළුවන්. අපි ගෙදරදි එක එක්කෙනාට තියෙන වැඩ අනුව අපේ වැඩ බෙදා ගන්නවා. මගේ ලොකු මල්ලී ගේ අතු ගානවා. මගේ කාමරයත් එයා අතු ගානවා. පොඩි මල්ලි රෙදි හෝදනවා. මගේ රෙදිත් එයා මට වැඩ වැඩි වුණාම හෝදනවා. අපි නිතරම එකිනෙකාට පවරා කර ගත හැකි වැඩ සහයෝගයෙන් බෙදාගෙන කර ගන්නවා. ඒක නිසා වැඩ කරන එක හරිම පහසුයි. අපි හැමෝටම අනිත් අයගේ සහයෝගය අරගෙන කරගන්න පුළුවන් වැඩ ගොඩාක් තියෙනවා. හොඳින් කතා බහ කරන්න පුළුවන් නම් අපි වටේ අයගෙන් උදව් ගන්න එක අපහසු දෙයක් නෙමෙයි.


👉D4 – Delete ඉවත් කරන වැඩ

අපේ දවසේ වැඩ අතර අපිට කිසිම ප්‍රයෝජනයක් නැති වැඩ කරනවා. හැමදාම චිත්‍රපටියක් බලන්න පැය දෙකක් වැය කරන අය ඉන්නවා. ගේම් ගහන්න පැය ගාණක් නාස්ති කරන අය ඉන්නවා. ගෙදර අයත් එක කතා කරලා සතුටු වෙන්නේ නැතිව ෆේස්බුක්, වට්ස්ඇප්වල පතුල හොයමින් කාල නාස්තිකරන වැඩ අපි කා අතිනුත් වෙනවා. මේවා පුරුදු බවට පත් වුණාම ජීවිතේ බොහෝ දේ අපිට අහිමි වෙනවා. කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත යුතු නම් සාර්ථකත්වයට පත් විය යුතු නම් ඉවත් කළ යුතු වැඩ ඉවත් කළ යුතුමයි. නැතිනම් ඉහළින්කියපු කරුණු වුණත් ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා.


ප්‍රාර්ථනා ද මෙල්
Youth Coach
සහකාර අධ්‍යක්ෂිකා (පර්යේෂණ සහ පුහුණු)
සරසවි මිතුරෝ