පූර්ණ අවධානයේ විශ්මිත කුටිය

  පූර්ණ අවධානයේ විශ්මිත කුටිය 💯🤗



😒 පාඩම් කරන විට තිබෙන ප්‍රධානම ගැටළුව අවධානය යොමු කිරීම.

🙂 බාහිර දේවල් වගේම මනසේ ඇතිවන සිතුවිලි නිසා අපගේ අවධානය නිතර බිඳී යනවා.

👉 ඒ සඳහා මෙම මානසික ව්‍යායාමය පුහුණු කර බලන්න. 

✅ ඔබ දෑස වසාගෙන මනසින් ඔබ කැමති විදිහේ හිස් කුටියක් නිර්මාණය කර ගන්න. මෙහි ඔබගේ අවධානයට බාධා කරන කිසිවක් නැහැ. නමුත් මල්, ගස් වැල් ආදී දේවල් තිබෙන්න පුළුවන්.

✅ ඔබ උදෑසන පාඩම් කරන කෙනෙක් නම් හොඳින් ඉර එළිය වැටෙන කුටියක් විය හැකියි. රාත්‍රියේ පාඩම් කරන කෙනෙක් නම් සඳ එළිය වැටෙන කුටියක් විය හැකියි.

✅ එහෙත් ඒ කුටියේ අතීතයේ වූ කිසිවක් නැත. අනාගතයේ විය හැකි කිසිවක් ද නැත. එනම් මේ කුටිය තිබෙන්නේ ඔබේ මනසේ. අතීතය සහ අනාගතය ගැන ඇති අදහස්ද තිබෙන්නේ ඔබගේ මනසේ. එහෙත් මේ කුටිය තුළට ගිය විට ඔබ ඒ සියළු සිතුවිලිවලින් නිදහස්.

✅ විභාගය හෝ දෙමාපියන් කියූ දේවල් හෝ ආදී කිසිවක් මෙම කුටියට ගිය විට ඇත්තේ නැහැ.

✅ ඇත්තේ ඔබ පාඩම් කිරීමට තෝරාගත් කාලය තුළ උපරිම අවධානයක් යොමු කිරීමේ අධිෂඨානය පමණි.

✅ මනසින් මෙම කුටියේ ඇති සුන්දරත්වය, නිදහස හා සැහැල්ලුව විඳින්න.

✅ පාඩම් කිරීමට වාඩිවන හැම විටම මිනිත්තු කිහිපයක් ගෙන මෙම කුටිය හිතින් මවා ගන්න.

✅ දැන් එම කුටියට ඇතුළු වී හොඳින් දොර වසා ගන්න.

✅ දැන් ඔබ සිටින්නේ පූර්ණ අවධානයේ විශ්මිත කුටිය තුළයි.

✅ දැන් පාඩම් කරන්න.

👉 මෙය ටිකෙන් ටික පුරුදු කරන්න.

කරලා කොහොමද කියලා කියන්න. 🤗💪


ප්‍රාර්ථනා ද මෙල්
Youth Coach
සහකාර අධ්‍යක්ෂිකා (පර්යේෂණ සහ පුහුණු)
සරසවි මිතුරෝ