About Us

සරසවි මිතුරෝ  

WORLD UNIVERSITY FRIENDS (WUF)

සරසවි මිතුරෝ

සරසවි මිතුරෝ සංවිධානය ශාස්ත්‍රවේදීන් සහ විවිධ වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් සිවිල් සංවිධානයකි. විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්, උපාධිධාරීන්, සමාජ විද්‍යාඥයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරු, වෛද්‍යවරු, නීතීඥයින්, ආදී විවිධ කණ්ඩායම් සරසවි මිතුරෝ සමඟ සම්බන්ධව ක්‍රියාකාරීව කටයුතු කරයි. 1995 දී ආරම්භ කරන ලද මෙම සංවිධානය පසුගිය දශක දෙකක කාලයක් ජාතික සහ අන්තර්ජාතික සමාජ සංවර්ධන ව්‍යාපෘතීන්, ක්‍රියාකාරකම්, පුහුණු, වැඩමුළු, පර්යේෂණ, සම්මන්ත්‍රණ, මාර්ගෝපදේශන වැඩසටහන් සහ සුබසාධන ව්‍යාපෘතීන් රාශියක් ක්‍රියාත්මක කර ඇත. විශේෂයෙන් සංහිඳියාව, සමාජ ඒකාබද්ධතාව, සමාජ වැඩ, ව්‍යවසායකත්වය, දේශීය ඥානය, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය, කාන්තා බලගැන්වීම, තරුණ තරුණියන් බලගැන්වීම, නායකත්වය, පුද්ගල සහ වෘත්තීය සංවර්ධනය යනාදී ක්ෂේත්‍රයන් ඔස්සේ සිය මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටී. මීට අමතරව විශේෂඥ සේවාවවන් ලබා දීම, ශාස්ත්‍රීය පර්යේෂණ, වැඩමුළු සහ සම්මන්ත්‍රණ පැවැත්වීම, ශාස්ත්‍රීය ප්‍රකාශන එළිදැක්වීම, සමාජ සුබසාධනය උදෙසා යටිතල පහසුකම් සංවර්ධනය, වෛද්‍ය සහ මනෝ උපදේශන කඳවුරු පැවැත්වීම යනාදිය ද සරසවි මිතුරෝ සංවිධානය මඟින් සිදු කරයි. 

මේවන විට පර්යේෂණ කටයුතුවලට අමතරව පාසල් සහ විශ්සිවවිද්‍යාල සිසුවියන් උදෙසා අභිප්‍රේරණ වැඩසටහන්, නායකත්ව පුහුණු සහ ඉගෙනුම් ක්‍රම පිළිබඳ වැඩමුළු සහ පුහුණු වැඩසටහන් පවත්වනු ලබයි. අප සංවිධානයේ කටයතු සඳහා විශ්වවිද්‍යාල සිසු සිසුවියන් සිය ස්වේච්ඡාදායකත්වය ලබා දෙයි.

තව ද විශේෂ සේවාවක් ලෙස වවුනියාව විශ්වවිද්‍යාලයේ සහජීවන කේන්ද්‍රය වෙත විශේෂඥ සේවාවන්, උපදේශනයන්, පුහුණු සේවාවන්, විෂය නිර්දේශයන් සකස් කිරීම, සම්පත්දායකයින් සම්බන්ධීකරණය ආදී විවිධ සේවාවන් ලබා දෙමින් සිටී. 

අපගේ ව්‍යාපෘති

1. නැණ ගුණ වැඩුම: සිසු දිරිය ජාතික වැඩසටහන

2. සිසු දිරිය සහජීවන සමාජ 

3. නැණ ගුණ වැඩුම: සිසු සවිය  

4. නැණ ගුණ වැඩුම සිසු දිරිය: චිත‍්‍ර කලා වැඩමුළුව  

5. නැණ ගුණ වැඩුම සිසු දිරිය ශිෂ්‍ය ප‍්‍රදර්ශන  

6. නැණ ගුණ වැඩුම: සිසු දිරිය රංගන  

7. සිසු දිරිය මාසික ප‍්‍රකාශන: ‘‘නැණ ගුණ‘‘ සහ ‘‘සහජීවන“  

8. සිසු දිරිය බක්මහ උළෙල   

9. නැණ ගුණ වැඩුම: සිසු දිරිය අධ්‍යාපන සත්කාරය   

10. දැයට කිරුළ සංවර්ධන ප‍්‍රදර්ශනය  

11. සුව සෙවන වෛද්‍ය හා මනෝ උපදේශන කඳවුරු  

12. ක‍්‍රියාන්විත රාජකාරියේ නියළුණු රණවිරුවන් සඳහා උපදේශන සේවා ලබා දීම  

13. සමාජ සංවර්ධනය උදෙසා කි‍්‍රයාධරයින් පුහුණුව  

14. විපත් හේතුවෙන් පීඩිත ජනතාව වෙත ආධාර ලබා දීම  

15. වාහල්කඩ: මානවවංශ වෛද්‍යක්‍රම සහ දේශීය දැනීම  

16. සරසවි සහස්‍ර මිතුරෝ

17. සරසවි සහස්‍ර මිතුරු දහම් පාසල

18. Be Smart School


වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න

http://www.worlduniversityfriends.org/