පාඩම් කරන්න හොඳම උදේ ද රාත්‍රියේ ද?

 පාඩම් කරන්න හොඳම උදේ ද රාත්‍රියේ ද?



🙂 ඔබ බොහෝ කාලයක් පාඩම් කරන්නේ රාත්‍රියේ නම් මේ වන විට ඔබගේ ශරීරය ඊට යම් ප්‍රමාණයකින් හැඩ ගැසී ඇත. ඒම නිසා ඔබ‌ රාත්‍රියේ පාඩම් කිරීමට හැකියාවක් ඇත්නම් පමණක් ඒසේ සිදු කරන්න.

🙃 නමුත් අනිවාර්යයෙන් පැය 6ක් හෝ 7ක් ඔබ නිදා ගත යුතුමයි. නැතිනම් ඔබගේ මොළයට මෙන්ම ශරීරයේ අනෙකුත් ඉන්ද්‍රියන්ට සිදු වන හානිය අති විශාලයි.

🙂 ඔබ උදෑසන අවදිව පාඩම් කරන කෙනෙකේ නම් වඩා හොඳයි. ඔබ ස්වාභාව ධර්මයට අනුව වැඩ කරනවා. ඒහෙත් අවදි වූ සැණින් පාඩම් කිරීමට හිඳ ගන්න එපා.

🙂 අනිවාර්යයෙන්ම වතුර වීදුරුවක් පානය කිරීම සහ මිනිත්තු 30ක් ව්‍යායාමයේ නිරත වීම අනිවාර්යයයි.

🙂 ඔබ දවසේ කුමන වේලාවේ පාඩම් කළත් ජලය, ව්‍යායාම, නිසි වේලාවට ආහාර, සහ හිරු එළිය ප්‍රමාණවත් ආලෝකය අත්‍යාවශ්‍ය බව නිතර සිහියේ තබා ගන්න. මේ සියල් සම්පූර්ණවන පරිදි ඔබගේ දවස සැලසුම් කරන්න. පුරුදු වෙන්න.


ප්‍රාර්ථනා ද මෙල්
Youth Coach
සහකාර අධ්‍යක්ෂිකා (පර්යේෂණ සහ පුහුණු)
සරසවි මිතුරෝ