අවදිවූ සැණින් ඇඳ හදන අය සාර්ථක වෙනවා

 💁‍♀️ ඔබ දන්නවාද උදෑසන අවදි වී ඔබගේ නිදා ගත් ඇඳ පිළිවෙලට සැකසීම කෙතරම් ප්‍රයෝජන ලබා දෙනවාද කියා. 



😀 කාලසටහනකට වැඩ කරන්න අපහසු අය, නිතර කම්මැලිකම දැනෙන අය, තමන් දුර්වලයි යැයි හැඟෙන අය සහ දවස සාර්ථකව ගත කරන්න කැමති ඕනෑම කෙනෙක් අනිවාර්යයයෙන් දවසේ මුල්ම කාර්යය ලෙස තමන් නිදා ගත් අඳ සකස් කරන්න. 


👍 මේ විදිහට උදේම ඇඳ සකස් කිරීමෙන් ප්‍රයෝජන රැසක් තිබෙනවා. ඒ අතරින් කිහිපයක් මෙන්න.


🌷 ජයග්‍රාහී හැඟීම - දවසේ මුල්ම කාර්යය ඉතා හොඳින් සිදු කිරීම නිසා හිතට ජයග්‍රාහී සතුටක් දැනෙනවා. වැඩේ පොඩි වුණත් උදෑසනම මේ දැනෙන සුබවාදී හැඟීම ඔබේ ආත්ම විශ්වාසය වැඩි කරන්න හේතුවක් වෙනවා. උදෑසනම ඔබ ජීවිතය පටන් ගන්නේ ජයග්‍රාහකයෙක් සහ තමන්ගේ ඉලක්ක ජය ගත හැකි පුද්ගලයෙක් කියන ආත්ම විශ්වාසයෙන්. 


🌷 සන්සුන් හැඟීම - අපිළිවෙලට ඇති දෙයක් පිළිවෙල කළ පසු ඒ දෙස බලන විට ඉතා සන්සුන් හැඟීමක් දැනෙනවා. මෙය ඔබේ හිත තුළ කේනිතය, තරහ ආදී අවේගයන් ඇති වීම අවම කර ඉතා සුවදායී හැඟීම් ඇති වීමට හේතුවක් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබේ මොළයට ද හොඳින් ක්‍රියාකාරී වීමට අවශ්‍ය ප්‍රේරණයක් මෙඟින් ලැබෙනවා.


🌷 අවධානය වර්ධනය වීම - මෙය උදෑසනම අවධානය වර්ධනය පුහුණු කිරීමට හොඳම අභ්‍යාසයක්. ඔබ ඉතා කැමැත්තෙන් ඉතා පිළිවෙලට ඇඳ හදන්න උනන්දු වන විට ඔබ නොදැනීම අවධානය යොමු කරන්න ඔබේ මනස සහ මොළය පුහුණු වෙනවා. පුංචි ඉරක්වත් නැතිව පිලිවෙලට ඇඳ රෙද්ද සකසනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. කලබලකාරී සිත් ඇති අයට මෙය පහසු නැහැ. නිතර කේන්තියන කලබලකාරී හිත් ඇති අයට මේක හොඳ පුහුණුවක්.


🌷 සැහැල්ලුව සහ මානසික ආතතිය අඩු වීම - බොහෝ දෙනෙක් උදෑසන අවදි වන්නේ සතුටින් නොවෙයි. පීඩාවකින්. කම්මැලිකම කියන්නෙත් පීඩාවක්. හැබැයි උදෑසන ඇඳ හදන්න පුරුදුවෙන කෙනා දවස පටන් ගන්නේ ඉතා ක්‍රියාශීලීව. ඒ වගේම ඒ නිසා හිතේ සැහැල්ලුවෙන්. මානසික ආතතිය ගොඩාක් අඩුවෙන්.


🔥 ලෝකයේ සාර්ථක සහ සතුටින් ඉන්න මිනිසුන්ගේ දවසේ පළමු පුරුද්ද තමන් නිදා ගත් ඇඳ සකස් කිරීම. ඔබත් අනිවාර්යයයෙන් පුරුදු කරන්න. මේ කුඩා ක්‍රියාකාරකම ඔබව වෙනස්ම පුද්ගලයෙක් බවට පත් කරනවා අනිවාර්යයෙන්ම.




ප්‍රාර්ථනා ද මෙල්

Youth Coach

සහකාර අධ්‍යක්ෂිකා (පර්යේෂණ සහ පුහුණු)

සරසවි මිතුරෝ