ඔබ ගැන දැනගන්න මනෝවිද්‍යාත්මක ප්‍රශ්න 30ක්

ඔබ ගැන දැනගන්න ප්‍රශ්න 30ක්



ඔබ ඔබ ගැන දැන ගත යුතු වන්නේ ඇයි?

මම සැම විටම තරුණ තරුණියන්ට කියන කතාවක් තියෙනවා. ඔබ මේ ලෝකයට ආවට පස්සේ ඔබගේ සාර්ථකත්වයට අදාළ නොවන කාරණාවන් කිහිපයක් තිබෙනවා. ඒ්වා තමයි, ඔබේ දෙමාපියන් කවුද? ඔබේ පවුලේ ආර්ථිකය මොනවගේ ද? ඔබගේ සමාජ පන්තිය කුමක් ද? ඔබ ලස්සන ද? කැත ද? සුදු ද? කලු ද? ඔබට පෙම්වතෙක් පෙම්වතියක් ඉන්නවා ද? ඔබට කතා කරන්න පුළුවන් ද බැරි ද? ඔබ ඉන්නේ ගමක ද? නගරයක ද? මේ වගේ ප්‍රශ්න රාශියක් තිබෙනවා ඔබගේ සාර්ථකත්වයට අදාළ නොවන. ඔබ මේ ප්‍රශ්නවලට පිළිතුරු සපයමින් සිටියොත් වෙන්නේ ඔබේ ජීවිතය ඔබට නැති වී යාමයි. මන්ද මේ කිසිදු ප්‍රශ්නයකට ඔබ ලබා දෙන පිළිතුරු ඔබගේ සාර්ථකත්වයට හේතු වෙන්නේ නැහැ. ‌

බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතයේ අසාර්ථකත්වයන්ට හේතු විදිහට දක්වන්නේ ඉහත ප්‍රශ්න. හැබැයි සාර්ථකත්වයට පත්වන මිනිසුන්ට ඉහත ප්‍රශ්න අදාළ නැහැ. නමුත් ඔවුන් සිය සාර්ථකත්වයෙන් පසු ඉහත ප්‍රශ්න දෙස බලන්නේ බොහෝම ධනාත්මකව. දුප්පත් වීමත් ඔවුන් ආශිර්වාදයක් ලෙස දකිනවා. නමුත් මුල සිටම මේ ප්‍රශ්නවල ඇලී සිටින මිනිස්සු තමන්ගෙන් ඈත් වෙනවා. තමන්ගේ ජීවිතය බාහිර ලෝකයකට තමන් විසින්ම පවරා දෙනවා. දුප්පත්බව ගැන දෙමාපියන්ගේ නූගත්කම ගැන සමහරෙක් මැසිවිලි නගන විට තවත් අයෙක් තමන්ගේ පෝසත් දෙමාපියන් තම ජීවිතය සාර්ථක කර දිය යුතු යැයි බලාපොරොත්තු වෙනවා. ඔබ හිතනවාද මොවුන් දෙදෙනාම සාර්ථක පුද්ගලයින් බවට පත්වෙයි කියලා? නැහැ. ඔවුන් අනුන් මත ජීවත්වන පරපෝෂිතයින් වගේ. 

සාර්ථක පුද්ගලයා පරපෝෂිතයෙක් නොවෙයි. ඔහු තවත් සාර්ථක මිනිසුන් බිහි කරන්නෙක්.

ඔබට තාර්කික බුද්ධියක් සහ නිර්මාණශීලී මනසක් තිබෙනවා නම් ඔබ මේ දෙක භාවිතා කරනවා නම් ඔබේ සාර්ථකත්වය කිසිවෙකුටත් නවතන්න බැහැ.

සාර්ථකත්වය තිබෙන්නේ ඔබේ අතේ. දුප්පත්ව ඉපදීම ඔබගේ වරදක් නොවෙයි. නමුත් ඔබ දුප්පතෙක් ලෙස මිය යනවා නම් එය ඔබේ වරදක්. 

ඒසේ නම් සාර්ථකත්වය වැදගත්වන ප්‍රශ්න මොනවාද?

  • සැබෑවටම ඔබ කවුද?
  • ඔබගේ ආකල්ප මොනවගේද?
  • ඔබ කැමති දේ මොනවා ද?
  • ඔබගේ කුසලතාවන් මොනවාද?
  • ඔබ කැමති ලෝකය මොනවගේද?
  • ඔබ ඔබට ලබා දෙන වටිනාකම කුමක් ද?

මෙවැනි 'ඔබ' පිළිබඳ දැනගැනීමට අවශ්‍ය ප්‍රශ්න තමයි ඔබගේ සාර්ථකත්වයට හේතු වෙන්නේ. 


මේ කාරණය සංකීර්ණ නැහැ. ඔබ ඔබ පිළිබඳව මනාව අවබෝධ කර ගැනීම තමයි සාර්ථකත්වයේ පළමු පියවර. ඒ් කියන්නේ ආත්ම අවබෝධය වර්ධනය කර ගැනීම.

ඔබ කාටත් විනෝදයෙන් පිළිතුරු දිය හැකි සහ ඔබ ගැන අවබෝධයක් ලබා ගත හැකි ප්‍රශ්න 30ක් මෙහි දැක්වෙනවා. උත්සාහයක් ගන්න උත්තර හොයන්න. ඔබ ඔබ ගැනම සොයා ගන්න.

  1. මගේ ශක්තීන් මොනවාද?
  2. මගේ කෙටි කාලීන ඉලක්ක මොනවාද? 
  3. මගේ දිගුකාලීන ඉලක්ක මොනවා ද?
  4. මට වඩාත්ම වැදගත් කවුද? මගේ සහායක ජනතාව කවුද?
  5. මම මොකටද ලැජ්ජා වෙන්නේ?
  6. මම විනෝදය සඳහා කුමක් කිරීමට කැමතිද?
  7. මා උනන්දු වන හෝ උත්සාහ කිරීමට කැමති නව ක්‍රියාකාරකම් මොනවාද?
  8. මම කලබල වන්නේ කුමක් ගැනද?
  9. මගේ වටිනාකම් මොනවාද? (ගතිගුණ, විශ්වාස, ප්‍රතිපත්ති, හැකියාවන්)
  10. මම විශ්වාස කරන්නේ කුමක් ද? (දේශපාලනය, ආගම, සමාජ ගැටළු සලකා බලන්න)
  11. මට එක පැතුමක් තිබිය හැකි නම්, එය කුමක්ද?
  12. මට වඩාත් ආරක්ෂිත බවක් දැනෙන්නේ කොතැනින්ද?
  13. මට සැනසීම ලබා දෙන්නේ කුමකින් ද? නැතිනම් කා නිසාද? 
  14. මම බය නැත්නම්, මම කරන්නේ කුමක්ද?
  15. මගේ අභිමානවත්ම ජයග්‍රහණය කුමක්ද?
  16. මගේ ලොකුම අසාර්ථකත්වය කුමක්ද?
  17. මම රාත්‍රී බකමූණෙක් (රාත්‍රියේ වැඩ කරන්නකේ) ද? නැත්නම් කලින් කුරුල්ලෙක් (උදෑසන වැඩ කරන්නෙක්) ද? 
  18. මගේ ස්වභාවයේ මෙම කොටස වඩාත් හොඳින් ගැලපෙන පරිදි මගේ ජීවිතය සකස් කර ගන්නේ කෙසේද?
  19. මගේ රැකියාව ගැන මා කැමති කුමක්ද? මා අකමැති කුමක්ද?
  20. මගේ අභ්‍යන්තර විචාරකයා මට කියන්නේ කුමක්ද?
  21. මටම අනුකම්පාව සහ ස්වයං රැකවරණය පෙන්වීමට මා කුමක් කළ යුතුද?
  22. මම නිතර මා පිළිබඳ සිතීමට නැඹුරුවූ කෙනෙක් ද? අන්අය පිළිබඳ සිතීමට නැඹුරු වූ කෙනෙක් ද? 
  23. මට වඩාත් ජවසම්පන්න බවක් දැනෙන්නේ අන් අය මා වටා සිටින විට ද නැතිනම් තනිව සිටින විට ද?
  24. මම උනන්දු වන්නේ කුමක් ගැනද?
  25. මගේ සතුටුම මතකය කුමක්ද?
  26. මගේ සිහින මට පවසන්නේ කුමක්ද?
  27. මම කැමතිම පොත මොකක්ද? චිත්රපටය? සංගීත කණ්ඩායම? කෑම? වර්ණ? සතුන්?
  28. මම කෘතඥ වන්නේ කුමක් සඳහාද?
  29. මට දුකක් දැනෙන විට මම කිරීමට කැමති කුමක්ද?
  30. මම වඩාත් ආතතියට ලක් වන්නේ කුමන අවස්ථාවන්වලදී ද?



ප්‍රාර්ථනා ද මෙල්